Loading..

පන්දහසකට අලුතින් පොලීසියේ රැකියා! බඳවාගන්නා කාල වකවානුව මෙන්න!

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් අතර මාර්ගගතව පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ සේවය වඩා කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ලබා ගැනීම සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසනවා.

The post පන්දහසකට අලුතින් පොලීසියේ රැකියා! බඳවාගන්නා කාල වකවානුව මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0qskSDG
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.