Loading..

බස් රථයක් පෙරළී යාමෙන් බිහිසුණු අනතුරක්! 22ක් රෝහලට! (ඡායාරූප සහිතයි)

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත. 

එම මාර්ගයේ වංගුවක් ලබා ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවයි.

අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි 22දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

The post බස් රථයක් පෙරළී යාමෙන් බිහිසුණු අනතුරක්! 22ක් රෝහලට! (ඡායාරූප සහිතයි) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2nyhKir
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.