මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
මිහින්තලය රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කළේ, මෙලෙස පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ වසර දෙකකට පසුව බවයි.
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේදී පැවැත්වීමට රජය තීරණය කර ඇති අතර එහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණියා.
The post වසර දෙකකට පසු පොසොන් උත්සවයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/iELd98I
via IFTTT

