Loading..

සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයන් ගණන 6 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීමක්

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හයවෙනි විෂය ලෙස ඉතිහාසය විෂය එක් කරන්නැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (25) පැවති සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු දුෂ්‍යන්ත මහබදුගේ මහතා පැවසුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනාවලියක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම, දරුවන්ට එල්ලවන පීඩනය අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් විද්වත් කමිටුවක් පත්කර, එම කමිටුව මගින් ලබාදෙන නිර්දේශ මත 2028 වර්ෂයේ සිට ශිෂ්‍යත්ව විභාගය සංශෝධන කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම හමුවේදී පවසා තිබෙනවා.

The post සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයන් ගණන 6 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KWJSbxv
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.