Loading..

කාදිනල් හිමිට චෝදනාවක්

බිමල් රත්නායක ප්‍රකාශ කරන ආකාරයට මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට රවී සෙනෙවිරත්න පත්කළේ කාදිනල්ගේ ඉල්ලීිමට යැයි කියන විට තමන් ලැජ්ජාවට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

රවී සෙනෙවිරත්න යනු පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් සති ගණනාවක් සිය මේසය උඩ තිබෙන්නට හැර සිය වගකීම පැහැර හැරි අයකු බව ද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයකු ප්‍රහාරයට පෙර අත්අඩංගුවට නොගැනීමේ චෝදනාවක් ශානි අබේසේකරට ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

එවැනි චෝදනා සහිත පුද්ගලයන් රටේ වැදගත් අමාත්‍යංශවල ලේකම් සහ අධ්‍යක්ෂ ධූරවලට පත්කිරීමට කාදිනල්ට බලයක් ඇත්නම් රටට දෙයියන්ගේ පිහිට යැයි කීමට සිදුවන බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

මේ ආණ්ඩුව කාදිනල් විසින් පාලනය කරන තත්ත්වයට පත්ව ඇති බව මෙම කරුණුවලින් සනාථ වන බව ද හෙතෙම සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් දයාසිරි ජයසේකර මේ බව කීය.

The post කාදිනල් හිමිට චෝදනාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pnWoE5e
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.