Loading..

වෙල් යායකින් හමුවූ දින කිහිපයක් වයසැති බිළිඳා ගැන රජය ගත් තීරණය

කුරුණෑගල පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටි බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට මව ඉදිරිපත් වන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැළැසීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සූදානම් බව විෂය භාර අමාත්‍ය සරෝජා පෝල්රාජ් පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (18) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයේ පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ පිහිටි වෙල්යායක ගසක් පාමුල බිළිදියක් අතහැර ගොස් සිටියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත මාවතගම පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගත්තේ පෙරේදා දිනයේදීයි.

අමාත්‍යවරිය සඳහන් කළේ, මෙලෙස අත්හැර දැමූ බිලිඳියගේ මව සොයා මේ වනවිට විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම, කැපකරු මාපිය ක්‍රමය සඳහා නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය. 

The post වෙල් යායකින් හමුවූ දින කිහිපයක් වයසැති බිළිඳා ගැන රජය ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pMiz2V1
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.