රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සමඟ ඊයේ (17) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී.
ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත ආදී විවිධ පනත්වලට කාලීන සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සහ භික්ෂු අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා.
වත්මන් අභියෝග හඳුනාගෙන ආගමික හර පද්ධති සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට රජය මුල් වී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම සහ ශාසනික ගැටලු උදෙසා මෙන්ම ශාසනික උන්නතිය උදෙසා රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බුද්ධශාසන කාර්ය සාධක උපදේශක සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.
ශාසනික වශයෙන් පවතින විවිධ අභියෝග සහ ගැටලු විසඳීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
The post ජනපතිගෙන් සහතිකයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/w4gi7ZU
via IFTTT

