Loading..

සිලෝන් ටී සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 4ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ පළමු වරට Ceylon Tea Liquor නමින් තේ සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 04ක් ළඟදීම වෙළඳපොල වෙත නිකුත් කිරීමට සැරසේ.

මෙම නව නිෂ්පාදන පෙළ ACTION AVF (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර අදාළ නිෂ්පාදන බලපත්‍රය ශ්‍රී ලංකා සුරාබදු නියෝග අනුකූලව නීත්‍යානුකූලව ලබාගෙන ඇති බව පැවසේ.

මෙම නවෝත්පාදන පෙළට,
01.Ceylon Tea Whisky 

02. Ceylon Tea Gin

03. Ceylon Tea Vodka

04. Ceylon Tea Arrack යනාදී වර්ග 04ක් අන්තර්ගතය.

Pure Ceylon Tea සාරය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම සියලුම නිෂ්පාදන සිදුවන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ය.

අදාළ නිෂ්පාදන තුල Ceylon Tea හි රැඳි සුවඳ හා ශක්තිය රඳවා ගනිමින් නිපදවෙන අතර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය තේ රසය නවමු අත්දැකීමක් ලෙස රැගෙන යාම අරමුණ වී තිබේ.

(source – srilankamirror)

The post සිලෝන් ටී සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 4ක් වෙළඳපොලට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jzPAGRp
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.