Loading..

8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට

වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදී ඊයේ (05) ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ කුඩා දරුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

ඒ නාගස්තැන්න සයිබන් එක අසලදීයි.

මියගිය දරුවා වයස අවුරුදු 08ක් වූ අසේලපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වැලිකන්ද පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ එළුවන් බැලීමට ගිය දරුවෙකු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇත.

වැලිකන්ද පොලීසිය සඳහන් කළේ, එම දරුවා ඊයේ සවස එළුවන් බැලීමට යන බව සිය මවට පවසා මෙලෙස ගොස් තිබූ බවත් ය.

The post 8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/k3H6gL4
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.