Loading..

යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහිත ක්‍රීඩා ගම්මානයක්

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබා තිබෙනවා.

දිවා රාත්‍රී ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට හැකි අයුරින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිතය.

මෙය සම්පූර්ණ ක්‍රීඩා ගම්මානයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව වෛද්‍ය මධ්‍යස්තානයක්, මාධ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රධාන පෙලේ ක්‍රීඩා මණ්ඩප 3ක්, ගෘහස්ථ ක්‍රීඩා පිටි, පුහුණු කිරීමේ ස්ථාන ඇතුලු පහසුකම් විශාල ප්‍රමාණයක් මෙයට ඇතුලත් වේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, වර්තමානය වනවිට අප රටට අවශ්‍යව ඇත්තේ සිංහල, දෙමිළ, මුස්ලිම් යන සියලු ජාතීන් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයක් සඳහා  සහභාගි වී තිබුණා.

The post යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහිත ක්‍රීඩා ගම්මානයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/t8y10vM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.