Loading..

තලාවේ බිහිසුණු අනතුරක්! තිදෙනෙකුට දිවි අහිමි වෙයි!

කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී අද (25) අළුයම සිදු වූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙම අනතුරින් වෑන් රථයේ සිටි රියදුරු ඇතුළව 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරුද තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුලත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකි.

තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post තලාවේ බිහිසුණු අනතුරක්! තිදෙනෙකුට දිවි අහිමි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IT2Xmch
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.