Loading..

පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා රවටා මිලියන 600කට අධික මුදලක් වංචා කරලා! සැකකරුවන් 11ක් අත්අඩංගුවට!

‍පාර්ලිමේන්තු මන්ත්‍රි මුහම්මද් හිස්බුල්ලා මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 60කට අධික) වංචා කළ බවට චෝදනා ලැබූ ඝානාවේ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නියම කර තිබෙනවා.

රත්‍රං විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, 2023 වසරේදී, සලේ සහ ඔහුගේ සගයන් විසින් රත්රන් සැපයීමේ මුවාවෙන් ශ්‍රී ලංකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මුහම්මද් හිස්බුල්ලාගෙන් ඩොලර් මිලියන 2 ක් වංචා කර ඇති බවයි.

මුදල් ලැබීමෙන් පසු ඔවුන් රත්රන් ලබා දීමට අපොහොසත් වූ අතර හිටපු මන්ත්‍රීවරයා සමඟ සියලු සම්බන්ධතා නවතා දමා තිබූ බව ද අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

පසුව, සැකකරුවන් හිස්බුල්ලා සමඟ නැවත සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, රත්රන් කිලෝග්‍රෑම් 50 ක් විකිණීමට ඉදිරිපත් වී, එම ගනුදෙනුවට නීත්‍යානුකූල බවක් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.

නිල පැමිණිල්ලක් ලැබීමෙන් පසු, ඝානා ජාතික ආරක්ෂක කණ්ඩායමක් විසින් 2025 ඔක්තෝබර් 16 වන දින වෙයිජා එස්.සී.සී හිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනීමේදී රත්‍රන් යැයි සැක කරන කහ පැහැති ලෝහ දෙකක් සොයා ගෙන ඇත.

ඒවායේ සත්‍යතාව තීරණය කිරීම සඳහා පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීමට අදාළ නඩුව යළිත් නොවැම්බර් 20 වන දින කැදවිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The post පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා රවටා මිලියන 600කට අධික මුදලක් වංචා කරලා! සැකකරුවන් 11ක් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Q5hABpv
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.