ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර උතුරු තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
The post අද ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/hVdKeUY
via IFTTT

