Loading..

හොංකොං හි දරුණු ගුවන් අනතුරක්! යානය මුහුදට වැටෙයි!

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයක ද ගැටී මුහුදට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT හි බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ලිස්සා යන අවස්ථාවේ දී ගැටුණු වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

The post හොංකොං හි දරුණු ගුවන් අනතුරක්! යානය මුහුදට වැටෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0vMXEmD
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.