රාජ්‍ය ආයතන සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගන්නා ලෙස රජය විසින් අනිවාර්ය කරනු ලැබ තිබේ.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සැපයෙනු ඇත.
දේශීය දුඹුරු සීනි කර්මාන්තය රැකගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇති අතර සීමාසහිත ලංකා සතොස විසින් සෘජුව ම සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ දුඹුරු සීනි මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීම ද මේ යටතේ සිදුවන බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.
සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවණගල කර්මාන්තශාලා මගින් දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 56,000ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කරන බව ත් උක් වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වර්ෂයේ දුඹුරු සීනි නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් ඇති බව ත් එහි සඳහන් වේ.
ඒ අනුව, ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසරව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
එම කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවකයන්, මෙම කර්මාන්තයෙන් යැපෙන දේශීය උක් ගොවීන් මෙන් ම එම නිෂ්පාදන කර්මාන්තයට සෘජු හා වක්‍ර සේවා සපයන්නන් රැක ගැනීම පිණිස දුඹුරු සීනි නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳපොළ තුළ විකුණුම් අවස්ථා වැඩි කර ගැනීමේ අවශ්‍යතාව ද හඳුනාගනු ලැබ ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
The post රාජ්‍ය සේවයට දුඹුරු සීනි පමණයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/5V2LKWo
via IFTTT

