Loading..

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට අවසන් නිවේදනය නිකුත් කරයි

දින හතක් තුළ ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු නොකරන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආණ්ඩුවට අනතුරු අඟවනවා.

2026 අයවැය මඟින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුළ ඇති වී තිබෙන අහිතකර තත්ත්වය හමුවේ ඉදිරි දී දැඩි ක්‍රියා මාර්ග රැසක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ඊයේ (11) නිවේදනය කළේය.

මනුෂ්‍ය සම්පත් අර්බුදය, ඖෂධ හා උපකරණ හිඟය, රෝගී සත්කාර පහසුකම් හිඟය ආදිය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමකට පත්ව ඇති බවත්, ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා සහ මුදල් අමාත්‍යංශය තොරතුරු දැනුවත් කර ඇති නමුත් ප්‍රශ්න සාකච්ඡා කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

අයවැය 2026 තුළ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට හෝ වෛද්‍යවරුන් රැඳවීම සඳහා කිසිදු යෝජනාවක් අඩංගු නොවීම පිළිබඳවද තම අප්‍රසාදය පළ කරන බව එම නිවේදනයෙන් පැවසෙනවා.

The post රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයට අවසන් නිවේදනය නිකුත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UXfws1J
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.