Loading..

මේ දිනවල රිය පදවද්දි බලාගෙනයි

බීමත් රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා, ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්) දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති බව පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට ශ්වසන පරීක්ෂණ නළ 75,000ක් මෙරටට ගෙන්වා, ඒවා පොලිස් ස්ථාන වෙත බෙදා හැරීමට කටයුතු කර තිබේ.ඊට අමතරව, ඉදිරි ජනවාරි මාසයේදී තවත් නළ 250,000ක් මෙරටට ලැබීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නව අවුරුදු සමය තුළ දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බව රණගල මහතා පෙන්වා දෙයි. බීමත් රියැදුරන් හේතුවෙන් සිදුවන මාරක රිය අනතුරු සහ දේපළ හානිවීම් ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය. සිංහල අවුරුදු සමයෙන් පසුවද බීමත් රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා, විශේෂයෙන් රාත්‍රී කාලයේදී, ක්‍ෂණික මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලිස් ස්ථාන කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, පසුගිය 24 වැනිදා පමණක් දිවයින පුරා පොලිස් ස්ථාන මගින් බීමත් රියැදුරන් 136 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

The post මේ දිනවල රිය පදවද්දි බලාගෙනයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DZ3jQ6L
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.