අද (26) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
The post අද පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ ලැයිස්තුව first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/5OsUIDL
via IFTTT


