Loading..

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ. 17 වෙනි අවස්ථාවේ දී ස්ථාවර විසඳුමක් එද්දි අපේ දීර්ඝ කාලීන දුර්වලකම් නැති කරලා අලුත් වැඩසටහනකට යන්න තියෙනවා. 

මේකට කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමා ණය පිළිබඳ  ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපිට තියෙන සාකච්ඡා. ඒක අපේ ද්විපාර්ශවික රටවල් එක්කත් ඒ වගේම පුද්ගලික ණයකරුවන් සමග සාකච්ඡා කරනවා. අපිට උවමනයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. රජයට අවශ්‍ය සේවයන් සඳහා මුදල් ලබාගන්න. ඒ නිසා පළමුවෙන්ම අපිට තියෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කරන්න. ඒ වගේම ඒ අය කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැනත් සාකච්ඡා කරන්න කියලා. දැනට අන්තිම තීරණය අරගෙන නෑ. ඒකයි රාජ්‍ය ඇමතිතුමත් මහ බැංකු අධිපතිතුමත් කිව්වේ. නමුත් මේ ගැන සාකච්ඡා කරද්දි අපි තීරණ ගන්න ඕනේ. අපිට කොන්දේසි දාලා සාකච්ඡා කරන්න බෑ. ඒ අය කොන්දේසි දාලා අපි එක්ක සාකච්ඡාවට එනවා. ඊට වඩා අපිට වාසියි කොන්දේසි නැතිව සාකච්ඡාවලට යන එක. කාටවත් හානියක් වෙන්නේ නෑ. සමහර බැංකු කියනවා මේකට මුහුණදෙන්න බෑ කියලා. මම කියන්නේ එහෙම නම් තමන් භාරගෙන මේ ආර්ථිකය ගෙනියන්න. 

එක එක අයට තුවක්කුවක් ඔළුවට තියලා කියන්න බෑ මේක කරොත් මේක කඩා වැටෙනවා කියලා. විශේෂයෙන්ම කොටස් වෙළෙදෙපොළ කඩා වැටෙනවා කියලා. කඩා වැටුණොත් මම ඒක වහන්නම්. එච්චරයි තියෙන්නේ. මේක හදලා එද්දි කියන්න බෑ මේ කොන්දේසි ගැන. අපි පාර්ලිමේන්තුවේ තීරණය කරලා කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. 

මම දැක්කා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ සාමාජිකයින්ට අපි හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපි නේ ආරම්භ කළේ. දරිද්‍රතාවයෙන් පෙළෙන අයට අපි වැඩ කරනවා. ලෝක බැංකුව කියනවා මේ අය ගැන බලන්න කියලා. දිය යුත්තන්ට දෙන්න. සුදුසුකම් නැති අය ඉවත් කරන්න. අපි අලුත් ආරක්ෂක ඡාලාවක් ඇති කරන්න ඕනේ. විශේෂයෙන් අපිට මුල්‍ය ස්ථාවරභාවයක් ඇති කරන්න ඒ වගේම අඩු ආදායම්ලාභීන්ව ආරක්ෂා කරන්න ඕනේ.”

The post ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/s928kxb
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.