Loading..

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර උපායමාර්ගික සාකච්ඡාවක්


 ‍ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අද (18) උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ලන්ඩන් නුවර විදේශ පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේදී පැවැත්වීමට නියමිත එම සංවාදය සඳහා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහභාගී වීමට නියමිතය.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම උපායමාර්ගික සංවාදය මෙය වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීමට සමගාමීව මෙම සංවාදය පැවැත්වේ.

දෙරට අතර පවත්නා බහුවිධ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් මෙම උපායමාර්ගික සංවාදය හරහා දෙපාර්ශවයට හිමිවනු ඇති බව ද අමාත්‍යංශය සඳහන් කළේය.

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.