රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක සිදු වූ දේපළ සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට රැගෙන ආ කාන්තාවක් හදිසියේ රෝගාතුරව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙන ආ කාන්තාවක් මෙසේ මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක්.
අදාළ නිවසේ ගෘහ සේවයේ නිරතව සිටි මෙම කාන්තාව, නිවසේ අයිතිකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.
එහිදී එම කාන්තාව හුස්ම ගැනීමට අපහසු බවට පැවසීමත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස රෝහල් ගතකළ කාන්තාව රෝහලේ දී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
The post ප්‍රකාශයක් ගන්න පොලීසියට ගෙනා කත ප්‍රශ්න කිරීමේදී මරුට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/s3fgcaI
via IFTTT


