Loading..

අධික උණුසුමෙන් තවත් පුද්ගලයෙකු මරුට

අධික උණුසුම් කාළගුණය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වූ එප්පාවල ප්‍රදේශයෙන් ඊයේ (26) තවත් සැක සහිත මරණයක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එප්පාවල යාය 02 මැදියාව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි තිදරු පියෙක්.

පවුලේ සාමාජිකයින් පැවසුවේ ඔහු දිගු වේලාවක් දැඩි අව් රශ්මියට නිරාවරණය වී ඇති බවයි.

ඊයේ දහවල් කාලයේ මෙම පුද්ගලයා නිවසෙන් බැහැර වී සිය කුඹුරු වැඩ කටයුතු සඳහා ගොස් තිබූ අතර එහි දී දීර්ඝ වේලාවක් ඔහු අව් රශ්මියට නිරාවරණය වෙමින් රැදී සිට තිබෙනවා.

නැවත නිවස බලා නොපැමිණීම නිසා නිවැසියන් ඔහු සොයා කුඹුරට පැමිණ තිබූ අතර එහි දී මෙම පුද්ගලයා කුඹුරු යාය මැද වැටී සිටි බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු එප්පාවල ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර ඇතත් එම අවස්ථාව වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ අදහස් දැක් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අජන්තා රත්නායක පැවසුවේ අධික උණුසුම් කාලගුණය හමුවේ මේ වන විට ජනජීවිතයට බලපෑම් එල්ලවෙමින් පවතින බවයි.

The post අධික උණුසුමෙන් තවත් පුද්ගලයෙකු මරුට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pHSkRWo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.