Loading..

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ලැබෙන ප්‍රදේශ ලැයිස්තුව

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

නැගෙනහිර පළාතේ සහ මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ලැබෙන ප්‍රදේශ ලැයිස්තුව first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5Mho4cL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.