මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව වෙසක් සැරසිලි අලෙවිකරුවන් පවසයි.
මේ හේතුවෙන් මෙවර වෙසක් සැරසිලි අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය වසරේ රුපියල් 75 ට 80 ට තිබූ සව් කඩදාසි අලවා නොමැති කුඩා ප්‍රමාණය වෙසක් පහන් කූඩුවක් මෙවර රුපියල් 180 දක්වාද සව් කඩදාසි අලවන ලද වෙසක් පහන් කූඩුවක් රුපියල් 300 සිට ඉහලටද විවිධ හැඩයෙන් සහ නිර්මාණයන්ගෙන් යුත් බකට් ලාම්පු රුපියල් 80 සිට 125 දක්වා ද විවිධ මිලගණන් වලට අලෙවි කරන බවද ඔවුන් සදහන් කරයි.
රුපියල් 300 සහ 350 මිල ගණන් වලට පැවති විවිධ වර්ණවලින් හා හැඩයෙන් යුත් විදුලි බුබුළු රැහැන් (වැල්) මෙවර රුපියල් 600ත් 1500ක් දක්වා මිල වැඩි වී ඇත.
පසුගිය වසරවලට සාපේක්ෂව වෙසක් සැරසිලි හා භාණ්ඩ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බව වෙසක් සැරසිලි අලෙවිකරුවන් වැඩිදුරටත් පවසයි.
The post වෙසක් සැරසිලිවල මිල අහස උසට නගී first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/esrAUn1
via IFTTT


