Loading..

බිත්තරවල සිල්ලර මිල ඉවතට ?

බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම්, කාෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

වර්තමානයේ කුකුළු මස් සහ බිත්තර කර්මාන්තයේ පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් එහිදී  දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.

බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දින 15 ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කළ හැකි බව කර්මාන්තකරුවන් එහිදී පෙන්වා දී ඇත.

මේ අතර උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

The post බිත්තරවල සිල්ලර මිල ඉවතට ? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/V1Q3ejE
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.