Loading..

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය ගැන චීනයෙන් ප්‍රකාශයක්


 මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාශීලිව චීන මුල්‍ය ආයතන, අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත අඛණ්ඩව සහාය ලබාදෙන බව එරට චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පවසයි.

ප්‍රශ්නය - "ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනය මෙම වේදිකාවට එක්වන්නේ නම් එය ඉතා සාදරයෙන් පිළිගන්නා බව ජපානය පවසනවා. මේ සඳහා චීනයේ ප්‍රතිචාරය කුමක්ද?"

චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින්,  

"ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා අපි චීන මූල්‍ය ආයතනවලට අඛණ්ඩව සහාය දෙන බව මම නැවත අවධාරණය කරනු ලබනවා. ශ්‍රී ලංකාවට ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කරගැනීමටත් උපකාර කිරීම සඳහා ඒකාබද්ධව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අපි අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කරනු ලබනවා." 

"එමෙන්ම මෙම ණය අර්බුදය සාධාරණ හා සමාන අයුරින් බෙදීයන පදනමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස අපි වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන්ද ඉල්ලා සිටිනවා."

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.