Loading..

බර අනුව විකුණන බිත්තර වටලයි


 මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ.

එහෙත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලටය.

මේ තත්ත්වය මත වෙළෙඳපොළේ බිත්තර හිඟයක්ද මතු වූ අතර, අද දින බිත්තර බර අනුව විකුණන අයුරු පිටකොටුවේදී දක්නට ලැබුණි.

එලෙස බිත්තර බර අනුව විකිණීම නීතියට පටහැනි බැවින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

මෙවන් පසුබිමක මැයි මස පළමු වනදා සිට රජයේ පාලන මිලට අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අද (17) ප්‍රකාශ කළේය.

එහි සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ ඉන් පසුවත් ක්‍රමානුකූලව බිත්තර මිල පහළ යනු ඇති බවය.

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.