Loading..

ජනතාවගේ කර මත පැටවීමට නියමිත අලුත්ම බද්ද

දේපල සඳහා වන බදු අයකිරීමක් 2025 වසරේ සිට හඳුන්වාදීමට නියමිත බව වාර්තා වනවා.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

මෙරට පුද්ගලයන්ගේ දේපළ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආකාරයක දැනුවත්වීමක් රජයට නැති බවද පැවසූ ඔහු රටකට මෙවන් බද්දක් අවශ්‍ය බවයි පවසන්නේ.

2003 වන විට දේපොළ බද්දක් ක්‍රියාත්මකව පැවතුනද එය ක්‍රමවත්ව නොතිබූ බැවින් ක්‍රමවත්ව මෙම බද්ද සකස් කළහොත් රජයට විශාල ආදායමක් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

The post ජනතාවගේ කර මත පැටවීමට නියමිත අලුත්ම බද්ද first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GUxEaSR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.