Loading..

ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුව අපයෝජනය කරලා

අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර සාමනේර හිමිනමක බරපතළ ලිංගික  අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙම සාමණේර හිමි නම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන තවත් හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අවස්ථා දෙකකදී මෙම සාමනේර හිමිනම බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද කියති.

බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සාමණේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

The post ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුව අපයෝජනය කරලා first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9P74CTi
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.