Loading..

මුළු දිවයිනටම වර්ෂාධික තත්වයක්! මි.මී. 100 ඉක්ම වූ වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද(12) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි සඳහන්.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වීමට හැකියාව පවතින බවයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post මුළු දිවයිනටම වර්ෂාධික තත්වයක්! මි.මී. 100 ඉක්ම වූ වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dskAMeP
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.