උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන මසය තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිටත් විෂයන් 2කට අදාළ පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති බවත් තවත් විෂයන් 6ක පිළිතුරු පත් ඇගයීම ආරම්භ කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ සෙසු විෂයන්වල පිළිතුරු පත් ඇගයීම ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවය.
උසස් පෙළ ඇගයීම් සිදු කරමින් පැවතියද සැලසුම් කර පරිදිම මැයි 29 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කරනවා.
ඇගයීම් කටයුතු ඊට බලපෑමක් නොවන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
එමෙන්ම පාසල් ඉගැන්වීම් කටයුතුවලට බාධාවක් නොවන පරදි ඒ සඳහා ගුරුවරුන් යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
පිළිතුරු පත් ඇගයීම් අතරතුර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.
The post සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත්කිරීමක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vW7LP6u
via IFTTT


