Loading..

මගීන් 143ක් රැගත් ගුවන් යානයක ටයර් පුපුරා යයි

නයිජීරියාවේ අබුජා අගනුවර නන්ම්බි අසකිවා ( Nnamdi Azikiwe) ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානයක් ගොඩබාන අවස්ථාවේදි අනතුරක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැක්ස් එයාර් 737-400 දරණ ගුවන් යානය ඊසානදිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ ටයර් පුපුරා ගොස් ඇති බවයි.

ටයරය පුපුරා යාමත් සමග ගුවන් ධාවන පථයට ද හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදි එම යානය තුළ මගීන් 143 දෙනෙකු, ළදරුවෙකු සහ කාර්යය මණ්ඩලයේ 6දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැත.

The post මගීන් 143ක් රැගත් ගුවන් යානයක ටයර් පුපුරා යයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3grISDU
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.