Loading..

රාජ්‍ය ඇමති ලොහාන්ට වැඩ වරදීන ලකුණු! අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්!

අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට ලබන සැප්තැම්බර් මස 14 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කර ඇත.

ඒ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරමින් අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රියේ ඇතුළු වී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කරයි.

රැඳවියා දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් සිදුකළැයි කොළඹ අපරාධ කොට්ඨාසය සැකකාර හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇත.

මෙම සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙම වරද කළ බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගාර නිලධාරීහු සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත.

The post රාජ්‍ය ඇමති ලොහාන්ට වැඩ වරදීන ලකුණු! අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/P3g0niS
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.