ශ්‍රී ලංකාව ආශ්‍රිතව මධ්‍ය වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට තරමක් වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
සෙසු ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකිය.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
The post වැස්ස ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Qnalt9c
via IFTTT


