ජූනි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් තරග කොන්දේසි 3 ක් සංශෝදනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අධි අවදානම් සහිත අවස්ථාව ලෙස නම් කළ අවස්ථා තුනකදී හිස් ආවරණ (helmets) පැළදීම අනිවාර්ය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
එම අවස්ථාවන් පහත පරිදි වේ.
• පිතිකරුවන් වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන විට
• කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු රැකීමේ දී
· කඩුල්ල ඉදිරිපස සිට පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටියදී
එමෙන්ම මින් ඉදිරියට පිටියේ විනිසුරුවන් විසින් තෙවන විනිසුරුවට යම් තීරණයක් ලබා දීමට යොමු කිරීමේ දී ඊට අදාළව පිටියේ විනිසුරුවන්ගේ මතය (soft signal) ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නොමැති බවට ද තීරණයක් ගෙන තිබෙනවා.
මෙතෙක් පැවැති නීති අනුව දැවී යාමක් හෝ කුමන කරුණක් මත සැක මතු වන අවස්ථාවකදී පිටියේ විනිසුරුවන් විසින් එම තීරණය තෙවන විනිසුරුට යොමු කරන්නේ අදාළ උඩ පන්දුව රැක ගත්තේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවන් දක්වන මතය ද ලබා දෙමින්.
ඒ අනුව මින් පෙර තෙවන විනිසුරුට පුනරූපපනවලින් අවසන් තීරණයක් ගැනීමට නොහැකි අවස්ථවන්හිදී, පිටියේ විනිසුරුවරුන්ගේ මතය (soft signal) අවසන් තීරණය බවට පත් විය.
නමුත් මින් ඉදිරියට පිටියේ විනිසුරුවන් විසින් සිය මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බැවින් තෙවන විනිසුරුට තමන්ට ලැබෙන සාක්ෂි මත පදනම්ව සිය තීරණය ලබා දිය හැකියි.
මේ අතර, නිපන්දුවකින් පසුව ලබා දෙන නිදහස් පහරට (Free Hit) අදාළ නීතියක් ද සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ජූනි පළමු වැනිදායින් පසුව නිදහස් පහරට අදාළ පන්දුවේ දී පිතිකරුවෙකු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ද, එම පන්දුව සදහා ලබා ගන්නා ලකුණු පිතිකරුවාට හිමි වනවා.
The post ෆ්‍රී හිට් නීතිය ඇතුළු නීති තුනක් වෙනස් කිරීමට අයි.සී.සි.ය තීරණය කරයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tvB1D6z
via IFTTT


