Loading..

මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටී තරුණ යුවල් 24 ක් පොලිසියෙන් කැඳවාගෙන යයි

කළුතර ගඟ අසල, මුහුදු වෙරලේ සහ වැටක‍ෙය්යා පදුරු අතර සිටී තරුණ යුවල් 24 ක් පොලිසියට රැගෙනවිත් තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැලැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර ඇත.

රැගෙන ආ තරුණ යුවල් කළුතර දකුණ පොලිසියේ රදවා සිටින අයුරු අපට දැකගත හැකිවිය

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර තිබේ.
(dasathalankanews)

The post මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර සිටී තරුණ යුවල් 24 ක් පොලිසියෙන් කැඳවාගෙන යයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XCyGaZF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.