Loading..

අද පත්වන නව ආණ්ඩුකාරවරු ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කරන ලද ආණ්ඩුකාරවරුන් තිදෙනා වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් අද දිනයේ පත්කිරීමට නියමිතව තිබේ.

ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් පත් කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

නමුත් නිල වශයෙන් මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැත.

එම පලාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන ලද ජීවන් ත්‍යාගරාජා, අනුරාධා යහම්පත්, වසන්ත කරන්නාගොඩ ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කරන ලද්දේ 15 වනදායි.

The post අද පත්වන නව ආණ්ඩුකාරවරු ? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XbJL0eo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.