Loading..

ස්කූටරයක ගැටී මෝටර් රථයක් පෙරළී යයි! දෙදෙනෙකු මිය යයි! දෙදෙනෙකුට අසාධ්‍යයි!

යාපනය අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය,කෝපායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් හා 27වන කාන්තාවන් දෙදෙනෙක්.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වෙන්නේ.

මෝටර් රථයේ සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියේ අධික වේගය මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරයි.

අනතුර සම්බන්ධයෙන් යාපනය කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post ස්කූටරයක ගැටී මෝටර් රථයක් පෙරළී යයි! දෙදෙනෙකු මිය යයි! දෙදෙනෙකුට අසාධ්‍යයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gifORym
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.