Loading..

කොළඹ වරාය පරිශ්‍රයේ වැඩ බිමක වෙඩි තැබීමක්! 08ක් රෝහල්ගත කරයි!

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී ඊයේ(01) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

The post කොළඹ වරාය පරිශ්‍රයේ වැඩ බිමක වෙඩි තැබීමක්! 08ක් රෝහල්ගත කරයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UoyxEM6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.