Loading..

හිටපු මන්ත්‍රීගේ රියේ ගැටී පියා සහ චුටි පුතා මරුට

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පියා තම පුතා සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ජීප් රථයක ගැටී ඊයේ (16) රාත්‍රී 8.00 පමණ එම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය. 

අනතුර සිදුව අවස්ථාවේදී අදාළ ජීප් රථය පදවා ඇත්තේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව වාර්තා වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 41ක් හැවිරිදි චන්ද්‍රික සම්පත් රුද්‍රිගු සහ ඔහුගේ පුතා වූ 11 හැවිරිදි විමන්ත රුද්‍රිගු යන දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post හිටපු මන්ත්‍රීගේ රියේ ගැටී පියා සහ චුටි පුතා මරුට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/G1XZ4U0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.