Loading..

පාසල් සිසුවියන්ට චොකලට් දෙන්න ගිය තරුණයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

තලේමන්නාරම, පනන්කට්ටු බටහිර ප්‍රදේශයේ දී වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා දීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු ඊයේ(11) පස්වරුවේ තලේමන්නාරම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෑන් රථය තලේමන්නාරම ප්‍රදේශයේ රසකැවිලි ප්‍රවාහන කරන (ඩිලිවරි) වෙළෙඳ සැලකට අයත් වෑන් රථයක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම වෑන් රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා උත්සහ ගෙන ඇති බව පොලිසිය කියයි.

සිසුවියන් කෑගසා දිවගොස් ඇති බවත්, අවට සිටි පිරිසක් කළ දැනුම් දීමකට අනුව ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙන එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post පාසල් සිසුවියන්ට චොකලට් දෙන්න ගිය තරුණයෝ දෙදෙනෙක් අත්අඩංගුවට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MbOaykP
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.