Loading..

ආගම්වලට අපහාස කරන්නන්ට වැඩ වරදී! බුද්ධශාසන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්!

ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක් ගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පසුගිය දා බුදුදහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් බවයි.

ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් කියා සිටියා.
“මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා.

නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ.

බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට.”

The post ආගම්වලට අපහාස කරන්නන්ට වැඩ වරදී! බුද්ධශාසන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/aTvB1Dm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.