සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට පත් කළ හැකි බව සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 25 න් 10 ක මේ වන විට සියයට සියයක්ම තේරීම් කමිටුවල කටයුතු අවසන්ව ඇති බවය.
“සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ මේ ගතවෙමින් පවතින අදියර වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක තේරීම් කමිටුව මඟින් සංගණන නිලධාරියා ප්‍රතිමානයන් 6ක් යටතේ, උපමාන 22ක් යටතේ රැස්කළ තොරතුරුවල නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කිරීමයි. ඒ අනුව අපිට තවදුරටත් දිස්ත්‍රික්ක 25න් 10ක පමණ ප්‍රමාණයක් 94%ක් වගේ වැඩ නිමවෙමින් තියෙනවා. අපි ඒ කමිටුවට දීලා තියෙනවා දීලා තියෙන දත්ත පිළිගැනීම, ඒ දත්තවල අඩුපාඩු තියෙනවා නම් නැවත සමීක්ෂණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම.”
නාම ලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අභියාචනා සහ විරොධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදීමට නියමිත.
The post සමෘද්ධි ඇතුළු අනෙකුත් සුබසාධන ප්‍රතිලාභ ලබන පිරිස් වෙත දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/QloZtSR
via IFTTT


