Loading..

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි මුදලෙන් කොමිස් ගත්තේ මම නෙවෙයි – මංජු නිශ්ශංක

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනි ගෙන විනාශ වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත් , එම ප්‍රකාශ වලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව තමන් , එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (09) සවස ප්‍රකාශ කළා.

පසුගිය දින වල අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම නෞකාවෙන් ශ්‍රී ලංකාවට අයවිය යුතු වන්දි මුදල ලබා ගැනීම වැලැක්වීම සදහා එම සමාගමෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකු කොමිස් මුදලක් ලබා ගෙන ඇති බවයි.

එහිදී ලංකා ඊ.නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ චාමර ගුණසේකර යනු මංජු නිශ්ශංක බවයි.

මෙම ප්‍රකාශයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සදහා තමන් ලන්ඩන් නුවර දින 05 ක කාලයක් ගත කළ බවත් එම කටයුතු සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසුව තමන් මෙසේ යළි ශ්‍රී ලංකාව වෙත පැමිණි බව ද මංජු නිශ්ශංක මහතා පැවසුවා.

ලංකා ඊ.නිවුස් වෙබ් අඩවිය එංගලන්තයේ පදිංචිකරුවෙකු විසින් එරට පවත්වා ගෙන යන බැවින් තමන් ද එංගලන්තයේ  ලන්ඩන් වෙත ගොස් මෙම අධිකරණමය ක්‍රියාමාර්ග වෙත එළඹි බව හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

තමන් මෙම ප්‍රකාශය සාවද්‍ය බවට පිළිගෙන පොදු ප්‍රකාශයක් සිදු කිරීම සහ තම කීර්තිනාමයට වූ හානියට වන්දියක් ලබා ගැනීම මෙම නඩු පැපැවරීම මගින් තමන් ලන්ඩන් අධිකරණයෙන් අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළා.
කටුනායක – ටී.කේ.ජී.කපිල

The post එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි මුදලෙන් කොමිස් ගත්තේ මම නෙවෙයි – මංජු නිශ්ශංක first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/irqBGcp
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.