හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් ඒ බව තහවුරු කල බවයි ගුවන්තොටුපොළ වාර්තාකරුවන් පැවසුවේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක්ව තිබෙනවා.
ඔවුන් අද අලුයම 03 යි 15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
The post බැසිල් රාජපක්ෂ රටින් පිට වෙයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/PR2NBrg
via IFTTT


