ලොවක් බලා සිටි මහා රාජාභිෂේක මංගල්‍යය ඊයේ දින පැවැත්වුණි.
ඊට සහභාගී වීමට වරම් ලද සීමිත පිරිස අතර බ්‍රිතාන්‍යයේ පදිංචි ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකු ද සිටිනවා.
ඔහු නමින් හරීන් ද සිල්වා.
කොවිඩ් වසංගතය කාලයේ එරට දී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා තිබෙන අතර එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමා තිබෙනවා.
වෛද්‍ය හරීන් ද සිල්වා පවසන්නේ, තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවයි.
The post චාර්ල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වීමට වරම් ලැබූ ලාංකික දොස්තර first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Fy0eq7g
via IFTTT


