Loading..

පාසල් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් අලුත්ම නියෝගයක්

දුෂ්කරතාවයකින් තොරව සිසුන්ට හුරු පරිසරයේම විභාගයට පෙනී සිටීමට පසුබිම සැකසීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් ජනාධිපතිවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ විභාග පැවැත්වීමේ දී මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුවට මිස විභාග දෙපාර්තමේන්තුවේ පහසුවට නොවන බවය.

මේ අතර අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් ඇත්නම් එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙවර පාසල් කිහිපයකම සිසුන් තමන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවට වෙනත් පාසලක විභාග මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කිරීම නිසා දරුවන් දුෂ්කරතාවන්ට මුහුණදී සිටින බවට ලද තොරතුරකට අනුව ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන් වෙත මෙම උපදෙස් දී ඇත.

එසේම මේ වනවිට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ පිළිබඳව සොයා බැලීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන සීමා කිරීමට තීරණය කළ බවය.

The post පාසල් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් අලුත්ම නියෝගයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NZByHb3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.