Loading..

යළි එක් අවස්ථාවක් දෙන ලෙස ආයාචනය කළ පිතිකරුව ලක්නව් කණ්ඩායමෙන් ලෝකේෂ් රාහුල්ගේ ආදේශකය ලෙස කැඳවයි

පසුගිය සදුදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරගයේදී පන්දු රකිමින් සිටියදී පාදයේ ආබාධයකට ලක් වූ ඉන්දීය සුපිරි පිතිකරු ලෝකේෂ් රාහුල් වෙනුවට ඉන්දීය ක්‍රීඩක කරුන් නායර් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා ගිවිසුම් ගත වී තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග එක් වී තිබෙනවා.

මෙවර අයි පී එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලඳී ගනු ලැබුවේ නැහැ.

මෙවර තරග වාරය වෙනුවෙන් වූ අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහු පල කළ ට්විටර් සටහනක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත්ව වූ අතර, මේ වන විට ඒ පිළිබඳව යළි සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

එම ට්විටර් සටහන පහතින්.

The post යළි එක් අවස්ථාවක් දෙන ලෙස ආයාචනය කළ පිතිකරුව ලක්නව් කණ්ඩායමෙන් ලෝකේෂ් රාහුල්ගේ ආදේශකය ලෙස කැඳවයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/c629mfZ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.