Loading..

මේ මඩ වගුරට බහින්නම වෙනවා – දිලිත් ජයවීර

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර, තබා තිබෙන ෆේස්බුක් සටහනක් කතාබහට ලක්ව තිබේ.

පසුගිය මැයි 9, ප්‍රචන්ඩ ක්‍රියා වලින් මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරාළ ගේ පුත්‍රයා සමග ඡායාරූපයක් එක්කර තිබෙන දිලිත් ජයවීර එහි සඳහන් කර තිබුනේ

“රනිදු අතුකෝරල පුතා, මේ අපේ මවුබිම බරපතල නිවැරදි කිරීමක් ඉල්ලා සිටින බව නැවතත් මෙනෙහි කරවන අදවන් දිනයක , ඔබගේ පියාගේ නාමයෙන් , මේ “මඩගොරුවට” බැස හෝ අපේ ආදරණීය රන් බිම අස්වැද්දීමේ වගකීමක් අපට ඇති බව දැනේ.” යනුවෙනි.

මේ දිනවල දිලිත් ජයවීර ‘අරමුණ’ නම් වැඩසටහනක් යටතේ දිවයින පුරා සම්මන්ත්‍රණ පවත්වනු ලබන අතර, එය දේශපාලන ආගමනයක පෙරනිමිති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දේශපාලන ආගමනය වෙනුවෙන් පක්ෂයක හිමිකාරිත්වය පවා ලබාගෙන ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

The post මේ මඩ වගුරට බහින්නම වෙනවා – දිලිත් ජයවීර first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7UEmTLO
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.