Loading..

පාඨලී චම්පික අද සිට පැන්සලට නායකත්වය දීම අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ නම් නවතම දේශපාලන පක්ෂය අද (22) වෙනිදා ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතය.

ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ ගෙන, ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම් ව රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගෙන ‘ජනරජ පෙරමුණ’ බිහි කරන බවයි එම පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

HOPE – M නම් වූ පංචවිධ වටිනාකම් (අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය සහ කුසලතාවාදය) සහ ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම් ව එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව සැබෑ ‘ජනරජයක්’ බවට පත් කිරීමට ඉහත කී පංචවිධ වටිනාකම් සහ ප්‍රතිපත්ති මත පදනම් වූ ‘ජනරජ පෙරමුණ’ නම් වේදිකාව ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන බවත් ඔවුන් පවසනවා.

ඒ ගමනේ සක්‍රිය හවුල්කරුවකු වන ලෙස එක්සත් ජනරජ පෙරමුණ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

The post පාඨලී චම්පික අද සිට පැන්සලට නායකත්වය දීම අරඹයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/b0Q6i28
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.